වඳුරඹදී පස් කන්දකට යටවීමෙන් තිදරු මවක් මරුට

වඳුරඹදී පස් කන්දකට යටවීමෙන් තිදරු මවක් මරුට

by Staff writer 23-09-2019 | 4:06 PM

COLOMBO (News 1st) - ගාල්ල, වඳුරඹ ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ.

එළෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි තිදරු මවකි. එම අනතුරින් තුවාල ලැබූ තව ත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා වඳුරඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මේ අතර දිවයිනට බස්නාහිර, දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70 - 80 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව ධීවර සහ නාවුක ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.