රන්දෙණිගල ජලාශයේ ගිලී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

රන්දෙණිගල ජලාශයේ ගිලී හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට

by Staff writer 23-09-2019 | 9:22 AM
COLOMBO (News 1st) : රන්දෙණිගල ජලාශයේ ගිලීමෙන් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබෙලකි. 23 හැවිරිදි අදාළ සෙබලා අලුත්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රන්දෙණිගල ජලාශයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසියකදී ජලාශයේ අඩි 20 ක පමණ ගැඹුරක තිබී ඔහුගේ දේහය සොයා ගැනිණ.