පැහැරගැනීමකට සැලසුම් සැකසූ සැකකරුවන් රඳවාගැනේ

මවක හා දියණියක පැහැරගැනීමට සැලසුම් කළ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

by Staff writer 23-09-2019 | 7:35 AM
COLOMBO (News 1st) : මවක හා දියණියක පැහැර ගෙන යාමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, නාගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබන 8 හැවිරිදි දැරියක හා ඇගේ මව එලෙස පැහැර ගෙන යාමට සැලසුම් කර ඇති බවයි. පොලීසිය පැවසුවේ, එම දැරිය මීට වසර දෙකකට ප්‍රථම පවත්වන ලද වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකදී සහතික පත් හා ත්‍යාග විශාල ප්‍රමාණයක් ලබා ගැනීම නිසා ඇතිවූ වෛරයක ප්‍රතිඵලයක් මෙම පැහැර ගැනීම සැලසුම් කිරීමට හේතුවී ඇති බවයි. කෝටි 10 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ අරමුණින්, අදාළ මව සහ දියණිය පැහැරගෙන යෑමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ, පසුගිය 19 වන දා පොලීසියට ලැබී තිබූ තොරතුරක් අනුවයි. එලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ, දොඩංගොඩ හා කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචි 40 හා 25 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.