පුත්තලමේ රිය අනතුරකින් 7 දෙනෙකුට තුවාල

පුත්තලමේ රිය අනතුරකින් 7 දෙනෙකුට තුවාල

by Staff writer 23-09-2019 | 12:04 PM
COLOMBO (News 1st) : පුත්තලම, කරුවලගස්වැව 10 කණුව අසලදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. වනාතවිල්ලුව සිට නොච්චියාගම දෙසට ගමන් ගත් වෑන් රථයක් හා තලාවේ සිට පුත්තලම දෙසට ගමන් ගත් යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවිය. අනතුරින් තුවාල ලැබූවේ වෑන් රථයේ ගමන්ගත් අඟලුම් කම්හලක සේවය කරන කාන්තාවන් 7 දෙනෙකි. පොලීසිය සඳහන් කළේ, මේ වන විට කාන්තාවන් 7 දෙනා, පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.