පන්නල සහ හංවැල්ලේ නාඳුනන මළ සිරුරු 2ක්

පන්නල සහ හංවැල්ලේ නාඳුනන මළ සිරුරු 2ක්

by Staff writer 23-09-2019 | 1:45 PM

COLOMBO ( News 1st ) - පන්නල සහ හංවැල්ල ප්‍රදේශවලදී නාඳුනන මළ සිරුරු 2ක් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පන්නල පෝම්පොල මාඔයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වූ බවයි. නමුත් එහි අන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත. මේ අතර හංවැල්ල ආටිගල ප්‍රදේශයේ නිවසක තිබී තවත් නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී තිබේ. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.