නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක්

by Staff writer 23-09-2019 | 1:56 PM

COLOMBO ( News 1st ) -  පවතින අධික වර්ෂාවත් සමග නායයෑම්, බැමි කඩා වැටීම්, ගල් පෙරළීම් සහ පස් කණ්ඩි කඩා වැටීම්  පිළිබඳව අවධානයෙන් පසුවැන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ජනතාවට දැනුම් දී සිටී.

නාය යාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්  වේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යෑමට සූදානමින් පසුවන ලෙසයි. මේ අතර දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ මහතා පැවසුවේ වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවයි. එමෙන්ම දිවයින වටා මුහුදේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බවද ඔහු පැවසුවේ ය.