by Staff writer 23-09-2019 | 6:59 PM
COLOMBO (News 1st) - පවතින වැසි තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල සියලුම පාසල් හෙට සහ අනිද්දා වසා තැබීමට තීරණය කර තිබේ.
දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා සඳහන් කළේ, පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
මේ අතර අද රාත්‍රියේ දකුණු, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැකි බවයි.