කටුවනදී මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසියෙන් වෙඩි

by Staff writer 23-09-2019 | 8:57 AM
COLOMBO (News 1st) ; කටුවන, හොරේවෙල හන්දියේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලීසිය වෙඩි තබා තිබේ. පොලීසිය පැවසුවේ, ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් අනුව ඒ ගැන පරීක්ෂා කිරීම සඳහා ඊයේ රාත්‍රියේ හොරේවෙල හන්දියේ රැඳී සිටියදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක රෝදයට වෙඩි තැබූ බවයි. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු පලාගොස් තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ගවයා මාතර ප්‍රදේශයට ප්‍රවාහනය කර නැවත එමින් සිටින බවට කරුණු අනාවරණය වී ඇති අතර එම ගවයා ද මාතර ප්‍රදේශයේදී සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. මීදැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සැකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.