ගෝලීය උණුසුම ඉහළ යන බවට අනතුරු ඇඟවීම්

දිනෙන් දින ගෝලීය උණුසුම ඉහළ යන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති

by Staff writer 23-09-2019 | 10:35 AM

COLOMBO (News 1st ) - ගෝලීය උණුසුම ඉහළ යන බවට ලොව විද්‍යාඥයන් අනතුරු අඟවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ දත්ත හෙළි කළේ, 2014 වසරේ සිට මේ දක්වා වන කාලය ලොව වාර්තා වූ උෂ්ණත්වයෙන් අධිකම වසර පහ බව ය. එම කාලය තුළ ගෝලීය සාගර ජල මට්ටම මෙන්ම ගෝලීය කාබන්ඩයොක්සයිඩ් වායු මට්ටමද සංකේතාත්මක අයුරින් ඉහළ ගොස් තිබේ. මේ හමුවේ වායුගෝලයට මුදාහරින කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය සීඝ්‍රයෙන් කප්පාදු කළ යුතු බව ලොව විද්‍යාඥයන්ගේ මතයයි. අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ජා පැවැත්වීමට නියමිතව තිබියදී මෙම දත්ත නිකුත්කර තිබේ. මේ සඳහා චීනය, ඉන්දියාව, ප්‍රංශය, ජර්මනිය සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 60ක පමණ රාජ්‍ය නායකයන් සහභාගීවීමට නියමිත ය.