ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

23 Sep, 2019 | 7:23 am

දේශීය පුවත්

1. පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් – දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2. කෝටි 10ක කප්පමක් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට – කෝටි 10ක කප්පම් මුදලක් ලබා ගැනීමේ අරමුණින් වෛද්‍යවරයෙකුගේ බිරිඳ සහ 8 හැවිරිදි දියණිය පැහැරගෙන යෑමට සැළසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.

3. 21 ප්‍රහාරය: නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමර්ශනයට පංච පුද්ගල ජනපති කොමිසමක් – අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ.

4. මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ 470ක් නාවික හමුදා භාරයට – ඉරණතිව් දුපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩුවලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 470ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

5 . මැතිවරණ නීතිය කඩ කරමින් රජයේ රැකියා ලබාදීමේ සිදුවීම් 6 ක් – පැෆරල් සංවිධානය – මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රජයේ රැකියා ලබාදීමේ සිද්ධි කිහිපයක් වාර්තාවන බව මැතිවරණ නිරීක්ෂකයෝ පවසති.

විදෙස් පුවත්

1. අමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර අද තීරණාත්මක සාකච්ඡාවක් – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]