ව්‍යාජ ලිපි ලේඛන හදන ජාවාරමක් පොලීසිය වටලයි

ව්‍යාජ ලිපි ලේඛන සැකසූ තිදෙනෙකු වත්තලදී කොටුවෙයි

by Staff writer 22-09-2019 | 12:15 PM

COLOMBO (News 1st) - වත්තල, කල්‍යාණි ප්‍රදේශයේ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි තිබී ව්‍යාජ ඉඩම් ඔප්පු සහ විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා සොයාගත් බවයි. රජයේ නිලධාරින්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, අධිකරණ, නීතිඥ සහ නොතාරිස්වරුන්, විදුහල්පති, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, විවාහ රෙජිස්ට්‍රාර්, ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිල මුද්‍රා ලෙස සකස් කළ ව්‍යාජ මුද්‍රා, ලිපි ශිර්ෂ සහ ලිපි ලේඛන තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් වත්තල, ගනේමුල්ල සහ මරදන්කඩවල ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.