බීඩි කොළ කිලෝ 470ක් නාවික හමුදා භාරයට

මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ 470ක් නාවික හමුදා භාරයට

by Staff writer 22-09-2019 | 3:17 PM

COLOMBO (News 1st )  - ඉරණතිව් දුපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩුවලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 470ක් සොයා ගත් බව නාවික හමුදාව පවසයි.

ඒ උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දූපතට නැගෙනහිරින් සහ කිලිනොච්චිය වලෙයිපාඩුවලට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීම් අතරතුර ය. එහිදී සැක කටයුතු පාර්සල් 07ක් සොයාගෙන ඇති අතර, එම පාර්සල් පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී බීඩි කොළ කිලෝග්‍රෑම් 470ක් සොයා ගෙන තිබේ. නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිත ය. ඒ අනුව, ගත වූ මාසය තුළ උතුරු මැද නාවික විධානයට අයත් බල ප්‍රදේශයන්හි සිදු කරනු ලැබූ මෙහෙයුම් තුළින් බීඩි කොළ කිලෝග්‍රෑම් 2000කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇතැයි නාවික හමුදාව සඳහන් කළේ ය.