ජනපතිවරණ පැමිණිලි හා තොරතුරු සඳහා කාර්යාලයක්

මැතිවරණ ආරක්ෂාව හා සම්බන්ධීකරණ කාර්යාලය හෙට සිට ක්‍රියාත්මකයි

by Staff writer 22-09-2019 | 4:14 PM

COLOMBO ( News 1st ) - මැතිවරණ ආරක්ෂාව හා සම්බන්ධීකරණ කාර්යාලය හෙට සිට ක්‍රියාත්මක බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ මැතිවරණ නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් අනියුක්ත කරන බව ය. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි හෝ තොරතුරු එම කාර්යාලය මගින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව හිමි වේ. මැතිවරණ කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් දිස්ත්‍රික් මෙහෙයුම් මැදිරි ස්ථාපිත කර ඇතැයිද ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ ප්‍රධානත්වයෙන් එම මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක වේ.