උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්...

පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 22-09-2019 | 2:05 PM

COLOMBO (News 1st) - පොතුහැර සහ පොල්ගහවෙල අතරදී අද දහවල් දුම්රියක් පීලි පැන තිබේ.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, මේ හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි. එලෙස පීලි පැනීමට ලක් ව ඇත්තේ කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියකි.