ඌරව සහ පානදුගම ප්‍රදේශවලට සුළු ගංවතුර මට්ටමක්

නිල්වලා සහ ගිං ගගේ ජල මට්ටම ඉහළට: ජනතාවට අවධානයෙන් පසුවන්නැයි උපදෙස්

by Staff writer 22-09-2019 | 10:17 AM

COLOMBO (News 1st) - නිල්වලා ගගේ ජල මට්ටම ඌරව සහ පානදුගම ප්‍රදේශවලින් සුළු ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය සඳහන් කළේ, පිටබැද්දර ප්‍රදේශයෙන් ද නිල්වලා ගගේ ජල මට්ටම අවදානම් මට්ටම කරා පැමිණ ඇති බවයි. මේ අතර ගිං ගගේ ජල මට්ටම ද තවලම ප්‍රදේශයෙන් අවදානම් මට්ටමට ළඟා වී තිබේ. ඒ පිළිබඳව විමසිලිමත් වන්නැයි ගංගා දෙපස පහත්බිමවල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.