ජනාධිපතිවරණයට බාධා වන ස්ථාන මාරු නොකරන්න

ජනාධිපතිවරණයට බාධා වන ස්ථාන මාරු නොකරන්න - මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

by Staff writer 22-09-2019 | 7:01 AM

COLOMBO (News 1st) - ජනාධිපතිවරණ ඡන්ද විමසීමට බාධාවක් වන කිසිදු ස්ථාන මාරුවක් සිදු නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.

එම කොමිසම දැනුම්දී ඇත්තේ, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීවරුන් ඔවුන් දැනට සිටින ස්ථානවලම රාජකාරි කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙසයි. ස්ථාන මාරු කිරීමෙන් මැතිවරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට බාධා මතුවීම සැලකිල්ලට ගෙන මෙම දැනුම්දීම කළ බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය. දැනට විශ්‍රාම යාමට නියමිත දිස්ත්‍රික් ලේකම්වරුන් සම්බන්ධයෙන් ද අවශ්‍ය සේවා දිගු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වැඩිදුරටත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට දැනුම්දී තිබේ.