ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-09-2019 | 6:24 AM

දේශීය පුවත්

1. එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් පත් කිරීමේ සූදානමක්: එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පුරප්පාඩු පිරවීමට අගමැතිවරයාගේ හිතවතුන් පත් කිරීමේ උත්සාහයක් ඇතැයි පසුපෙළ මන්ත්‍රීවරු අනාවරණය කළහ. 2. දුම්රිය සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි: දුම්රිය රියදුරන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ. 3. අගමැතිගේ හිතවත් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කිරීමේ උත්සාහයක් ⁣ගැන හේෂා හෙළි කරයි: එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා හිතවත් සාමාජිකයන් පත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට කොළඹදී ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසති. 4. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ: ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

විදෙස් පුවත්

5. සෞදි අරාබියට හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අමෙරිකාවෙන් අතිරේක හමුදා බලඇණියක්: සෞදි අරාබියට සහ එක්සත් ආරබි එමිර් රාජ්‍යට අතිරේක හමුදා බලඇණි යෙදවීමට අමෙරිකා ආරක්ෂක මූලස්ථානය තීරණය කර තිබේ.