by Staff writer 22-09-2019 | 10:16 PM
COLOMBO ( News 1st ) - කෝටි 10ක කප්පම් මුදලක් ලබා ගැනීමේ අරමුණින් වෛද්‍යවරයෙකුගේ බිරිඳ සහ 8 හැවිරිදි දියණිය පැහැරගෙන යෑමට සැළසුම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය.
අදාළ කාන්තාව සහ දැරිය, පැහැර ගැනීමේ සැළසුමක් පවතින බවට පසුගිය 19 වැනිදා පොලීසියට තොරතුරු ලැබී
තිබුණි.
පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී වායු රයිෆලයක්, වෙඩි බෙහෙත්, මන්නා පිහියක්, කඩුවක්
ඇතුළු ආයුධ කිහිපයක් සිය භාරයට ගත් බව ය.
සැකකරුවන්ගෙන් පැය 48ක රැඳවුම් නියෝග මත, ප්‍රශ්න කරමින් සිටින බවද පොලිසිය සඳහන් කළේ ය.