ට්‍රම්ප් සහ මෝදි අතර තීරණාත්මක සාකච්ඡාවක්

අමෙරිකානු ජනපති සහ ඉන්දීය අගමැති අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

by Staff writer 22-09-2019 | 8:31 AM

COLOMBO (News 1st) - ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේදීයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය ආරම්භ කරන්නේ එරට සිටින ඉන්දියානුවන් 50,000 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දැවැන්ත සංස්කෘතික ප්‍රසංගයකිනි. භාරතීය සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත එම ප්‍රසංගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වනු ඇති. අනතුරුව නායකයින් දෙපළ අතර සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි. දෙරට අතර වෙළෙඳ යුද්ධය සමතයකට පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති. අමෙරිකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ඉන්දියාව පැන වූ තීරු බදු මෙන් ම ඉන්දීය භාණ්ඩ සඳහා අමෙරිකාව පැන වූ තීරු බදු ලිහිල් කිරීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවකට පැමිණෙනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරති. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එලෙස අමෙරිකාවට පැමිණ තිබේ.