සෞදි හා එ. අරාබි එමිර් රාජ්‍යයට අතිරේක හමුදාවක්

සෞදි අරාබියට හා එක්සත් අරාබි එමිර් රාජ්‍යයට අමෙරිකාවෙන් අතිරේක හමුදා බලඇණියක්

by Staff writer 21-09-2019 | 8:17 AM

News 1st - සෞදි අරාබියට සහ එක්සත් ආරබි එමිර් රාජ්‍යට අතිරේක හමුදා බලඇණි යෙදවීමට අමෙරිකා ආරක්ෂක මූලස්ථානය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සෞදි අරාබියේ පිහිටි ප්‍රධානපෙළේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට පසුගිය දා ඩ්‍රෝන ප්‍රහාර එල්ලවීමත් සමග අමෙරිකාව මෙම පියවර ගෙන ඇති බවයි. ගුවන් හා මිසයිල ආරක්‍ෂාව වැඩි දියුණු කිරීම සඳහා සෞදිය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිදු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, මෙය ආරම්භක පියවරක් පමණක් වන බවයි. මෙම ප්‍රහාරයන්ට ඉරානයේ මැදිහත්වීමක් පවතින බව අමෙරිකාව සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ප්‍රහාරයේ වගකීම යේමනයේ හුති කැරලිකරුවන් මේවන විට භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. සෞදි අරාබියේ පිහිටි මෙම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන දෙක ඉලකක් කර එල්ල වූ ප්‍රහාරවලින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වලට දැඩි බලපැමක් වනු ඇති බව සඳහන් වේ.