දුම්රිය සේවකයින්ගේ අකුරට වැඩ කිරීම තාවකාලිකව නවතී

දුම්රිය සේවක වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 21-09-2019 | 5:17 PM
COLOMBO ( News 1st ) - දුම්රිය රියදුරන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ, ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එකඟත්වය පළ කිරීම හේතුවෙනි. දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, දුම්රිය අනතුරුවලදී සිදුවන අලාභය රියදුරන්ගෙන් අයකර ගැනීමට විරෝධය පළ කිරීම සඳහා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ය. දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ධාවනය විය. ඊට සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයද බලපෑ බව දුම්රිය රියදුරෝ පැවසූහ.