තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඇරඹේ

by Staff writer 21-09-2019 | 1:12 PM

COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා භාර ගැනීම ලබන 30 වැනි දායින් අවසන් බවයි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂයකින් 6 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇතැයි සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.