ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-09-2019 | 6:30 AM

දේශීය පුවත්

1. එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලයට අගමැතිගේ හිතවතුන් පත්කිරීමේ සූදානමක්: එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතාට හිතවත් පිරිසක් පත් කිරීමේ සූදානමක් ගැන අනාවරණය කෙරිණි. 2. “රටේ වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන්න කැමතියි” – හිටපු යුද හමුදාපති: රටේ වෙනසක් ඇති කිරීම සඳහා නායකත්වය දීමට තමා කැමැත්තෙන් පසුවන බව හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසයි. 3. “ජනපති අපේක්ෂකත්වය දෙන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවට වන වාර්තා අසත්‍යයි” – කථානායක: කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කළ ඇති බවට ඊයේ දින ප්‍රධාන ජාතික පුවත්පතක පළ ව ඇති පුවත නිවැරදි නොවන බව පෙන්වා දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 4. ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරිණි.

විදෙස් පුවත්

5. ඇෆ්ගනිස්ථානයට දුන් ආධාර අමෙරිකාව කපා හරී: ඇෆ්ගනිස්ථානයට ලබාදුන් ඩොලර් මිලියන 160 ක ආධාර කපා හරින බව අමෙරිකාව පවසයි.