ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අද පූර්ණ ආරක්ෂාව

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

by Staff writer 21-09-2019 | 7:17 AM

COLOMBO (News 1st) - අද දිනයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ දැනුම්දීම මත පොලිස් මූලස්ථානය විසින් ඇල්පිටිය හා ගාල්ල කොට්ඨාස වෙත අවශ්‍ය උපදෙස් දැනටමත් ලබාදී ඇති බවයි. ඊට අදාළව ඊයේ දිනයේදී සියලු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැති බව තේරීම්භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ ය. ජනාධිපතිවරණයට අදාළව දිවයිනේ සෑම පොලීසියකම මෙහෙයුම් මැදිරි පිහිටුවීවට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.