අමෙරිකාවෙන් ඉරානයට නව සම්බාධක

ඉරාන මහ බැංකුවට හා සංවර්ධන අරමුදලට අමෙරිකාවෙන් සම්බාධක

by Staff writer 21-09-2019 | 5:16 PM

COLOMBO ( News 1st ) - අමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉරාන මහ බැංකුවට සහ සංවර්ධන අරමුදලට එලෙස සම්බාධක පනවා ඇති බව ය. සෞදියේ බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් එම තීරණය ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය. අමෙරිකාව පනවා ඇති දැඩි සම්බාධක හේතුවෙන් මේ වන විටත් ඉරානය ජාත්‍යන්තරය තුළ හුදකලා වීමේ අවදානමක් මතුව තිබේ.