ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ අලුත් වාර්තා තුනක්

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ අලුත් වාර්තා තුනක්

by Staff writer 21-09-2019 | 10:42 PM
COLOMBO (News 1st) : බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ, නව ශ්‍රී ලංකා වාර්තා තුනක් අද පිහිටුවීය. ඒ ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි. මෙම තරගාවලිය තායිලන්තයේදී පැවැත්වේ. එහි කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 164 ක් ඔසවමින් ශ්‍රී ලංකා වාර්තා පිහිටුවී ය. ඉන්දික කිලෝ ග්‍රෑම් 298ක මුළු බරක් එසවූ අතර එයද නව ශ්‍රී ලංකා වාර්තාවකි. සුදේශ් පීරිස් කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් අද තරග කළ අතර එහිදී ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 130ක් එසවූ ඔහු ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් එසවූ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 160කි. චින්තන ගීතාල් විදානගේ තරග ක‍ලේ කිලෝ ග්‍රෑම් 81 බර පන්තියෙනි. ඔහු එහිදී ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 133ක බරක් එසවූ අතර ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 165ක බරක් එසවී ය.