ඇල්පිටිය මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

ඇල්පිටිය පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

by Staff writer 21-09-2019 | 7:07 AM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරේ.

ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ, අද දහවල් 12.00 පමණ වනවිට සියලු තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීමට අපේක්ෂා කරන බවයි. මේ අතර තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තැපැල් අධිකාරී සම්බන්ධීකරණ ධම්මික ඒකනායක මහතා පැවසුවේ, එම තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂණ පැකට්ටු ලබන 25 වැනි දාට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලබාදීමට අපේක්ෂා කරන බවය.