ආර්ජන්ටිනාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට  ජය

රග්බි ලෝක කුසලානය : ආර්ජන්ටිනාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට ජය

by Staff writer 21-09-2019 | 9:50 PM

COLOMBO ( News 1st ) - ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජය ගත්තේ ය.

ලෝක කුසලාන රග්බි තරගාවලිය ආර්ජන්ටිනා සහ ප්‍රංශ කණ්ඩායම් අතර තරගය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වුණි. තරගාවලියේ තුන්වැනි තරගය වූ එය ක්‍රියාත්මක වූයේ සී කාණ්ඩයේ තරගයක් ලෙසටයි. එය ආරම්භයේදී ප්‍රංශයේ දක්ෂතා කැපී පෙනුණි. ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ලකුණු 20ට 3ක් ලෙසටය. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී ප්‍රතිවාදී ආර්ජන්ටිනාවද දක්ෂතා අතරට පිවිසි අතර ඔවුන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වුණි. ආර්ජන්ටිනාව එම අර්ධයේදී ලකුණු 18ක් රැස් කළේ ය. ප්‍රංශයට රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 3ක් පමණි. කෙසේ නමුත් පළමු අර්ධයේදී ලකුණු 17ක පරතරයක් පවත්වා ගැනීමට සමත්වීම හේතුවෙන් ප්‍රංශය තරගය ජය ගත්තේ ය. ඒ ලකුණු 23ට 21ක් ලෙසට ය.