යාපනයේ විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්

අල්ලස් ගත් යාපනයේ විදුහල්පතිවරයෙකු රිමාන්ඩ්

by Staff writer 21-09-2019 | 6:45 AM

COLOMBO (News 1st) - අල්ලස් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් යාපනය පිරිමි විද්‍යාලයක විදුහල්පතිවරයා ලබන 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රුපියල් 50,000 ක අල්ලසක් ලබාගත් එම විදුහල්පතිවරයා අල්ලස් කොමිසම විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබිණි. එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, පාසලේ 7 වන ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කර ගැනීමට සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇති බවයි. ඉන් 50,000 ක මුදලක් මීට පෙර ලබාගෙන ඇති අතර ඊයේ එහි ඉතිරි රුපියල් 50,000 ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.