by Staff writer 21-09-2019 | 5:11 PM
COLOMBO (News 1st ) - අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය බොරකන්ද සමරවීර ක්‍රීඩාංගණය අසල ඊයේ මධ්‍යම රාත්‍රී 12ට පමණ යතුරු පැදි අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අප වාර්තාකරු පැවසූවේ, ඇල්පිටියේ පැවති සංගීත ප්‍රසංගයකින් අනතුරුව නිවෙස් බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව ය.
වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බව සඳහන් ය.
අනතුරෙන් එම ස්ථානයේදීම කරන්දෙණිය අමරකීර්ති ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි එච්.කේ. රුවන් සම්පත් ජීවිතක්ෂයට පත් විය.
අනතුර සිදුවන අවස්ථාවේදී යතුරු පැදියේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ගමන් ගත් අනෙත් දෙදෙනා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර අනතරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති බව අප වාර්තාකරු පැවසුවේ ය.