අගමැතිගේ කුමන්ත්‍රණයක් ගැන හේෂා කළ හෙළිදරව්ව

අගමැතිගේ හිතවත් පිරිසක් කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කිරීමේ උත්සාහයක් ⁣ගැන හේෂා හෙළි කරයි

by Staff writer 21-09-2019 | 10:15 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා හිතවත් සාමාජිකයන් පත් කිරීමේ වැඩපිළිවෙළක් මේ වනවිට කොළඹදී ක්‍රියාත්මක බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පවසති.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසූවේ, සිරිකොත මන්දිරයේ නව කෘත්‍යාධිකාරි මණ්ඩල පත්වීම් ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් වන බවයි.