ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

කර්තෘ Staff writer

21 Sep, 2019 | 2:03 pm

COLOMBO (News 1st) – බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට අද සමත් විය.

ඒ, තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි.

එහිදී ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 164 ක් ඔසවමින් මෙම ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් විය.

එහිදී ඉන්දික දිසානායක එස වූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 298 කි.

ඒ අනුව ඔහු එස වූ මුළු බර ප්‍රමාණය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]