හෙරොයින් ජාවාරම් කළ 5කට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් ජාවාරම් කළ පකිස්ථාන ජාතිකයින් 5 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ

by Staff writer 20-09-2019 | 11:01 AM
COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ කාන්තාවක ඇතුළු පකිස්ථාන ජාතිකයින් 5 දෙනෙකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සැකකරුවන්ට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරුවන් කරමින් ඔවුන්ට එලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.