ඇමති දයාට එරෙහිව සමෘද්ධි නිලධාරීහු වීදි බසිති

ඇමති දයාට එරෙහිව සමෘද්ධි නිලධාරීහු වීදි බසිති

by Staff writer 20-09-2019 | 11:58 AM
COLOMBO (News 1st) - බත්තරමුල්ල පාර්ලිමේන්තු මාර්ගය ආශ්‍රිත මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ. ඒ, සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය විසින් පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙනි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සහ අමාත්‍ය දයා ගමගේ මහතා සමෘද්ධි ව්‍යාපාරයට මෙන්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ට කරනු ලබන හානියට එරෙහිව විරෝධතාවයේ නිරත වන බව සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය සඳහන් කළේ ය.