විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සමග සාකච්ඡාවක්

වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක්

by Staff writer 20-09-2019 | 7:27 AM
COLOMBO (News 1st) - වැඩ වර්ජනයේ නිරත විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ. ඒ, ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා සඳහන් කළේ, මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ද එක්වන බව ය. මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේ, තම වැඩ වර්ජනයට අදට දින 10ක් ගතව ඇති බව ය. එහෙත් වැටුප් විෂමතා ගැටලුව විසඳීමට බලධාරීන් මෙතෙක් සාධාරණ මැදිහත් වීමක් සිදු නොකළ බව ද ඔහු පැවසුවේ ය.