UPDATE: වත්තල ගින්න හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 20-09-2019 | 7:37 AM
COLOMBO (News 1st)  UPDATE: වත්තල මහල් 3කින් යුත් රෙදිපිළි අලෙවි සලක ඇති වූ ගින්න හේතුවෙන් මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ වත්තල නගරය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කරන මංතීරුව වසා දමා ඇති බව ය. ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස ඇවරිවත්ත මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි ය. ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 5ක් යොදවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ----------------------------------------------------------------------------------------------------------------------------------------- වත්තල නගරයේ රෙදිපිළි අලෙවි සලක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 5ක් පිටත් කර යවා ඇති බව ය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.