රාජ්‍ය දෙපළ ‍භාවිත කර අපේක්ෂකයින් ප්‍රවර්ධනය තහනම්

රාජ්‍ය දෙපළ ‍භාවිත කර අපේක්ෂකයින් ප්‍රවර්ධනය තහනම් - මැතිවරණ කොමිසම

by Staff writer 20-09-2019 | 11:19 AM
COLOMBO (News 1st) - රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත් වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් මහජන මුදල් වැය කරමින් කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සහ ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සවවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය කෙරෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය. එවැනි අවස්ථා පිළිබඳ පැමිණිලි කොමිසමට ඉදිරිපත් කරන්නැයි ද ජාතික මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.