"රටේ වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන්න කැමතියි"

"රටේ වෙනසක් ඇති කිරීමට නායකත්වය දෙන්න කැමතියි" - හිටපු යුද හමුදාපති

by Staff writer 20-09-2019 | 6:42 PM

COLOMBO (News 1st) - රටේ වෙනසක් ඇති කිරීම සඳහා නායකත්වය දීමට තමා කැමැත්තෙන් පසුවන බව හිටපු යුද හමුදාපති ජෙනරල් මහේෂ් සේනානායක මහතා පවසයි.

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, උගතුන්, බුද්ධිමතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකගෙන් සැදුම්ලත් විකල්ප කණ්ඩායමේ නායකත්වය ගන්නැයි තමාට ඇරයුම් කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යනය කරමින් සිටින බව මහේෂ් සේනානායක මහතා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, ඉදිරි දින කිහිපය ඇතුලත ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි. තමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස නම් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද හිටපු ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ ය.