මාස 8ක් තුළ අපරාධ නඩු 10,093ක නීතිමය කටයුතු අවසන්

මාස 8ක් ඇතුළත අපරාධ නඩු 10,093ක නීතිමය කටයුතු අවසන් - නීතිපති දෙපාර්තමේන්තුව

by Staff writer 20-09-2019 | 4:53 PM

COLOMBO (News 1st ) - වසරේ ගත වූ කාල සීමාව තුළ අපරාධ නඩු 10,093ක නීතිමය කටයුතු අවසන් කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

එහි සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ, ඊට අදාළව මහාධිකරණවලට අධිචෝදනා පත්‍ර 6695ක් භාරදී ඇති බව ය. ළමා අපචාර සම්බන්ධ නඩු 4924ක් සහ අපරාධ නඩු 5169ක නීතිමය කටයුතු මේ යටතේ අවසන් කර තිබේ. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු 1778ක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානවලට උපදෙස් දී ඇතැයි ද ඇය සඳහන් කළේ ය. නීතිපති දෙපාර්තමේන්තුව කෙටි කලක් තුළ වැඩිම නඩු සංඛ්‍යාවක නීතිමය කටයුතු අවසන් කර ඇත්තේ මෙම කාලසීමාවේ බව ද නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවේ ය.