දුම්රිය සේවකයින් තවදුරටත් ⁣අකුරට වැඩ

by Staff writer 20-09-2019 | 6:06 PM

COLOMBO ( News 1st ) - කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලින් ගමන් ආරම්භ කරන දුම්රිය තවදුරටත් ප්‍රමාද විය හැකි බව පාලක මැදිරිය පවසයි.

ඒ සංඥා දෝෂයක් හේතුවෙන් සිදු වූ දුම්රිය ගමන්වාර සංශෝධනයත් සමඟ ය. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර ඇති වූ සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. සංඥා දෝෂය හේතුවෙන් අද උදෑසන සිට දුම්රිය 50කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද විය. මේ අතර දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වේ. වැටුප් ගැටළුවලට ඇතුළු ඉල්ලීම්වලට මෙතෙක් ස්ථිර විසදුම් ලැබී නොමැති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ය.