"ජනපති අපේක්ෂකත්වය දෙන්නැයි ලිඛිත ඉල්ලීමක් කළ බවට වන වාර්තා අසත්‍යයි" - කථානායක

by Staff writer 20-09-2019 | 4:14 PM

COLOMBO (News 1st) - කථානායක කරූ ජයසූරිය මහතා විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කළ ඇති බවට අද දින ප්‍රධාන ජාතික පුවත්පතක පළ ව ඇති පුවත නිවැරදි නොවන බව පෙන්වා දෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා විසින් පසුගිය සැප්තැම්බර් 17 වන දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන ලදී. එමගින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බව ද සිහිපත් කරන බව කථානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.