එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක්

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අගමැති ප්‍රධානත්වයෙන්

by Staff writer 20-09-2019 | 7:02 AM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වේ. ඒ, අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිත ය. එම රැස්වීමේදී එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.