ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කෙරේ

by Staff writer 20-09-2019 | 12:40 PM
COLOMBO (News 1st) - ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කළේ ය. ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේදී ය. රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කරනු ලැබුවේ, පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතායි.