ඇෆ්ගනිස්ථානයට දුන් ආධාර අමෙරිකාව කපා හරී

ඇෆ්ගනිස්ථානයට දුන් ආධාර අමෙරිකාව කපා හරී

by Staff writer 20-09-2019 | 5:54 PM

COLOMBO ( News 1st ) - ඇෆ්ගනිස්ථානයට ලබාදුන් ඩොලර් මිලියන 160 ක ආධාර කපා හරින බව අමෙරිකාව පවසයි.

ඒ, ඇෆ්ගන් ජනාධිපතිවරණය පැවැත්වීමට සතියක් ඉතිරිව තිබියදී ය. අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසන්නේ, ඇෆ්ගන් රජය දූෂණයට එරෙහිව සටන් කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඔහු සඳහන් කළේ, දූෂණයට එරෙහිව සටන් කරමින් ජනතාවට සේවය කිරීමට සහ ඔවුන්ගේ විශ්වාසය දිනාගැනීමට රජය අපොහොසත් වී ඇති බව ය. ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය ලබන 28 වැනි දා පැවැත්වීමට නියමිතය. වත්මන් ජනාධිපති අෂ්රෆ් ඝානී ඇතුළුව මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින් ගණන 18 කි. තලෙයිබාන් ප්‍රචණ්ඩත්වය අවසන් කරන බවට වූ ප්‍රධාන තේමා පාඨය යටතේ තරග කරන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ දේශපාලන රැළියකට පසුගිය 17 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයක් ද එල්ල විය. ඉන් පුද්ගලයින් 26ක් මියගොස් 42ක් තුවාල ලැබුවේ ය. තලෙයිබාන් සංවිධානය සමඟ සාම ගිවිසුමකට එළඹීමේ ජනපති ඝානිගේ උත්සහාය ද පසුගිය කාලයේ ව්‍යර්ථ වූයේ ඔවුන් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමගය.