ඇල්පිටිය ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට තැපෑලට..

ඇල්පිටිය ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා හෙට තැපෑලට..

by Staff writer 20-09-2019 | 6:39 PM

COLOMBO ( News 1st ) - ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම හෙට සිදු වේ.

ඒ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ය. එම ස්ථානයට පූර්ණ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් යෙදවීමට ද කටයුතු යොදා තිබේ. ඊට අමතරව තැපැල් ඡන්ද පැකට්ටු භාරගන්නා සහ බෙදාහරින තැපැල් කාර්යාල වෙත පොලිස් ජංගම සංචාර සහ පොලිස් යතුරු පැදි සංචාර මගින් අවශ්‍ය ආරක්ෂාව සපයයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය ලබන 27 වනදා පැවැත්වේ. එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන ඡන්දදායකයින් වෙනුවෙන් ලබන 4 වනදා අතිරේක අවස්ථාවක් හිමි වේ.