මාවනැල්ලේදී බුදු පිළිමවලට හානි කළ 21ක් රිමාන්ඩ්

මාවනැල්ලේදී බුදු පිළිමවලට හානි කළ 21ක් රිමාන්ඩ්

by Staff writer 19-09-2019 | 3:07 PM
COLOMBO (News 1st) : මාවනැල්ලේදී බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 21 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ. ඒ සැකකරුවන් අද මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සැකකරුවන් 7 දෙනෙකු හා මීට පෙර රක්ෂිත බන්ධනාගාරගතව සිටි තවත් සැකකරුවන් 14 දෙනෙකු ලබන මස 03 වැනිදා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සැකකරුවන් 18 දෙනෙකු දෙසැම්බර් මස 12 වැනිදා දක්වා තවදුරටත් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අද අවසර ලබා දුන්නේ ය.