මාතර ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

මාතර ප්‍රදේශ කිහිපයකට පැය 9 ක ජල කප්පාදුවක්

by Staff writer 19-09-2019 | 7:28 AM

COLOMBO (News 1st) - මාතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ අනුව මාතර නගරය, කුඩාව, වල්ගම, නූපේ, දෙවිනුවර සහ ගන්දර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවය. මාතර මිරිස්ස ජල සම්පාදන ක්‍රමයට අයත් උයන්වත්ත හා බ්‍රවුන්ස්හිල් ජල තටාකයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.