තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව අද සිට

තැපැල් ඡන්ද අයැදුම් කිරීමේ අවස්ථාව අද සිට

by Staff writer 19-09-2019 | 3:19 PM
COLOMBO (News 1st) : එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කිරීමට රාජ්‍ය සේවකයින්ට අද සිට අවස්ථාව හිමි වේ. ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ලබන 30 වැනිදා දක්වා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි. මේ අතර ස්වාධීන අපේක්ෂකයින් දෙදෙනෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. අමරසිංහ යන මහත්වරුන් ය.