ඉරානයට සෞදියෙන් චෝදනා...

ඩ්‍රෝන් ප්‍රහාරය ඉරානය විසින් සිදු කර ඇතැයි සෞදියෙන් චෝදනා

by Staff writer 19-09-2019 | 8:32 AM

News 1st - බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරය ඉරානය විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇතැයි සෞදි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පැවසුවේ, ප්‍රහාරය එල්ල වූ ඩ්‍රෝන හා කෘස් මිසයිලවල සුන්බුන් නිරීක්ෂණයේදී ඒවා ඉරානයේ බවට තහවුරු වන බවයි. ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 18 ක් හා කෘස් මිසයිල 7 ක් යොදා ගෙන ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් ඉරානය පැවසුවේ, මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. මේ අතර ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් අඩපණ වූ සිය බොරතෙල් නිෂ්පාදන කටයුතු ලබන මස අග වනවිට යථා තත්ත්වයට පත් කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කළේ ය. සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය අබ්දුලාසිස් බින් සල්මාන් මේ බව සඳහන් කළේ, එම ප්‍රහාරයෙන් එරට බොරතෙල් නිෂ්පාදන කටයුතුවලින් අඩක්ම අඩපණව ඇති පසුබිමකදීයි.