ජනපති නියමයෙන් පොලීසියේ 31,000 කට උසස්වීම්

ජනපති නියමයෙන් පොලීසියේ 31,000 කට උසස්වීම්

by Staff writer 19-09-2019 | 6:42 AM

COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් සහ නිලධාරිනියන් 5824 දෙනෙකු සඳහා 2019 ජනවාරි 01වෙනි දා සිට බලපැවැත්වෙන පරිදී උසස්වීම් ලබාදීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන් 31,000 කට අධික පිරිසකට 2019 ජනවාරි 01 වැනි දා 2020 ජනවාරි 01 වැනි දා සහ 2021 ජනවාරි 01 වැනි දා යන කාණ්ඩ තුනක් යටතේ ජ්‍යෙෂ්ඨත්වය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබාදීමට යෝජනා වී ඇති බවයි. ඊට ජාතික පොලිස් කොමිසන් සභාව, වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසන් සභාවේ අනුමැතිය සහ මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබේ. දීර්ඝ කාලයක් තිස්සේ උසස්වීම් නොලබා සිටින නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ ක‍්‍රමවේදයක් සකස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස් මත මෙම උසස්වීම් ලබා දීම සිදු කෙරෙනු ඇති.